සිසු නයුවන්ට සහ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමට ආදිසිසුන්ගෙන් නිළ කබා
අනාගත ලෝකයට කුසලතාවයන්ගෙන් හෙබි යහගුණයෙන් පිරිපුන් දෑ හිතකාමී දරු පිරිසක් බිහිකිරීම පෙරදැරි කරගත් අරමුණකින් යුතුව විද්‍යාලයීය ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් හෙට දවසේ බිහිවන නායකයන් වෙනුවෙන් තමන්ගේ අද දවසේ වගකීම අරමුණට අනුගත වෙමින් ඉටුකරලීම සඳහා ගත් සත් ක්‍රියාවේ ප්‍රතිපලයක් ලෙස මෙම නිලකබා ඔබ වෙත තිළිණ කල වගයි.
ගාලු දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාසලේ ප්‍රධාන ශාලාවේදී උත්සවය පවත්වන ලදී.ආදී සිසුන්ගේ දායකත්වයෙන් සිසු නයුවන්ට සහ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය නිලකබා සිසු අයිතියට පත්කරන ලදී.