සංවත්සර සැමරුම සඳහා

තව දින

2025 මාර්තු 23

මහදම් අබිමන් 75වන සංවත්සර සැමරුම

අපගේ අරමුණු

මහදම් අබිමන් 75වන සංවත්සර සැමරුමට සමගාමිව අප විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සහ සංවත්සර සැමරුම් කමිටුව මගින් මෙතෙක් පාසල තුළ නොපැවති සහ දරුවන්ට දීර්ඝකාලීන ප්‍රතිඵල ලබා දෙන වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇත.
.මෙයට අතිශය ඉහළ ගුණාත්මක සහ නව තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂා කරන අතර එහි ප්‍රතිලාභ දරුවන්ට සහ ප්‍රජාවට ස්ථීර සහ විශ්වාසදායි වැඩපිළිවෙලක් සහතික කිරීම අපගේ අරමුණයි.

Speaker

අනුශාසකතුමාගේ පණිවිඩය

චාමික සුරේෂ් ද සිල්වා - විදුහල්පති, මාදම්පා මාධ්‍ය මහා විද්‍යාලය


අවුරදු 75ක අභිමානවත් ප්‍රෟඩ ඉතිහාසයකට උරුමකම්කියන ගා/ මාදම්පා මාධ්‍ය මහා විද්‍යාලයේ සිප්සතර හදාරන දෙස් විදෙස් දියත පුරා විසිරි පැතිරී සිටින සියලු දෙනාට 75වන සැමරුම් උළෙල පිලිබඳ තතු අනාවරණය කරනු වස් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර සයිබර් අවකාශයට මුදා හැරිම පිළිබඳ අතිශය සතුටට පත්වෙමි.

සංවත්සර සැමරුම් ව්‍යාපෘති

සංවත්සරය වෙනුවෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති

වෙස් මංගල්‍ය උත්සවයක් පැවැත්වීම

සංවත්සර අංග

පාසල් ඉතිහාසයේ පළමු වරට පාසල් දරුවන්ගේ සම්ප්‍රදායික කලා කුසලතා වර්ධනය කර ශිල්පීන් බිහි කිරීමේ අරමුණ ඇතිව වෙස් ශිල්පින් 30 කළ එළි දැක්වීමේ වෙස් මංගල්‍ය උත්සවයක් පැවැත්වීම.

වැඩි විස්තර

සංවත්සර ගීතය නිර්මාණය කිරීම

සංවත්සර අංග

පාසලේ අභිමානය විදහා දැක්වෙන ආකාරයේ සංවත්සර හීතයක් නිර්මාණය කිරීම සහ ඒ සඳහා රූප රචනයක් සිදු කිරීම

වැඩි විස්තර

සැමරුම් මුද්දරයක් නිකුත් කිරීම

සංවත්සර අංග

තැපැල් දෙපාර්තමේන්තුව සමග එක්ව පාසල් සංවත්සරයට සමගාමිව විශේෂ සංවත්සර මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම.

වැඩි විස්තර

සියලු පන්ති කාමර වලට විදුලිය පහසුකම් ලබා දීම

පාසලේ භෞතික සම්පත් වැඩි දියුණු කිරීම

පාසල් තුළ පවතින පන්තිකාමර ,විද්‍යාගාර ඇතුළු පරිශ 30ක් සඳහා විදුලි පංකාවක් සහ විදුලි බුබුළු දෙකක් සහිත විධිමත් සහ ආරක්‍ෂිත විදුලි සැපයුමක් ලබා දීම.

වැඩි විස්තර

බහු මාධ්‍ය ඒකකයක් ගොඩනැගීම

පාසලේ භෞතික සම්පත් වැඩි දියුණු කිරීම

සිසුන් 40කට අසුන්ගෙන අධ්‍යාපනය ලැබිය හැකි සුහුරු ඉගැන්වීම් පුවරුවක් ,ශබ්ධ විකාශන පද්ධතියක් , මාර්ගගතව ඉගැන්වීම් සිදුකර හැකි පාඩම් වීඩියෝ ගත කිරීමට අවශ්‍ය කැමරා පද්ධතියක් සහිත බහු මාධ්‍ය ඒකකයක් ගොඩනැගීම.

වැඩි විස්තර

පාසල් පන්ති කාමර සහ ගොඩනැගිලි වල තීන්ත ආලේප කිරීම

පාසලේ භෞතික සම්පත් වැඩි දියුණු කිරීම

පාසලේ අභිමානය විදහා දැක්වෙන ආකාරයේ සංවත්සර හීතයක් නිර්මාණය කිරීම සහ ඒ සඳහා රූප රචනයක් සිදු කිරීම

වැඩි විස්තර

ආදී කතෘ වරුන්ගේ නම් වලින් ගොඩනැගිලි නම් කිරීම

පාසලේ භෞතික සම්පත් වැඩි දියුණු කිරීම

පාසල ආරම්භ කිරීමට මූලික වූ ආදී කතෘවරුන්ගේ නම් වලින් පාසල් ගොඩනැගිලි නම් කිරීම සහ එම නම් ගොඩනැගිලි වල පින්තාරු කිරීම.

වැඩි විස්තර

ඉදිරිපස වම් පස තාප්පය අඩි තුනක් එසවීම සහ පැරණි ගේට්ටුව උස වැඩි කිරීම

පාසලේ භෞතික සම්පත් වැඩි දියුණු කිරීම

පාසලේ අලංකාරය ආරක්ෂාව වැඩි කිරීම සඳහා ඉදිරිපස වම් පස තාප්පය අඩි තුනක් එසවීම සහ පැරණි ගේට්ටුව උස වැඩි කිරීම

වැඩි විස්තර

පාසල ඉදිරිපස රැස්වීම් භුමිය නවීකරණය

පාසලේ භෞතික සම්පත් වැඩි දියුණු කිරීම

පාසලේ ඉදිරිපස රැස්වීම් භුමිය කොන්ක්‍රීට් කර ක්‍රීඩා පිටියක් බවට පරිවර්තනය කිරීම. ඒ අනුව රාත්‍රි කාලයේ පවා ක්‍රීඩා තරග පැවැත්විය හැකි ආකාරයේ බාස්කට් බෝල්, වොලිබෝල්, ටෙනිස් යන ක්‍රීඩා සිදු කිරීමට හැකි නැරඹුම් ගොඩනැගිල්ලක් සහිත ක්‍රීඩා පිටියක් ගොඩනැගීම.

වැඩි විස්තර

පාසල් සිසුන්ගේ දක්ෂතා ඔප් නැංවීමට චිත්‍ර තරග ගද්‍ය පදය රචනා තරග පැවැත්වීම

සංවත්සර අංග

සංවත්සරයට සමගාමිව පාසල් සිසුන්ගේ දක්ෂතා ඔප් නැංවීමට චිත්‍ර තරග ගද්‍ය පදය රචනා තරග පැවැත් වීම සහ එම නිර්මාණ ප්‍රදර්ශනයක් පාසල් පරිශ්‍රය තුළ සංවිධානය.ජයග්‍රාහී සිසුන් සඳහා සහතික සහ ජය සංකේත ලබා දීම.

වැඩි විස්තර

වෙබ් අඩවියක් නිර්මාණය කිරීම

සංවත්සර අංග

වෙබ් අවකාශය තුළ පාසල අනන්‍යව හඳුනාගත හැකි තාක්ෂණික ලෝකයට ගැලපෙන යාවත්කාලින වෙබ් අඩවියක් පාසල වෙනුවෙන් නිර්මාණය කිරීම.

වැඩි විස්තර

සංවත්සර සැණකෙළියක් පැවැත්වීම

සංවත්සර අංග

පාසලේ සංවත්සරයට සමගාමිව සංවත්සර සැණකෙළියක් පැවැත්වීම.

වැඩි විස්තර

අපේ ගමන් මග

ආරම්භයේ සිට අප ආ ගමන් මග සහ වැඩ කටයුතු

පුවත්

සංවත්සරය සම්බන්ධ කටයුතු පිලිබඳ දැනුවත් කිරීම සඳහා